රික්ටර් පරිමාණ 4.8ක භූ කම්පනයක් ජපානයේ හොක්කයිඩෝ දූපත ආශ්රිත සාගරයේ ඇති වී තිබේ.
චීබා දිස්ත්රික් අගනගරයට කිලෝ මීටර් 36ක් ගිණිකොණදිගින් සිදුව ඇති මෙම භූ කම්පනයේ කම්පන තරග ටෝකියෝ අගනුවරටද දැනී ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් දේපොළ හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවද, සුනාමි අනතුරු ඇඟවීමක්ද ලබාදී නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.