ශ්‍රී ලංකාවේ රෝහල් හා මහා මාර්ග ඇතුළු ව්‍යාපෘති ඉදිකිරීමේදී ජපානය හා ශ්‍රී ලංකාව වැඩි වශයෙන් එක්ව වැඩ කළ යුතු බව හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා කියයි.
ජපාන ටයිම්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ඊයේ (15දා) ප්‍රකාශ කර ඇත. යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවට බොහො රටවල් උදව් කළ බවත් එහිදී ජපානය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට උදව් කළ බවත් ඔහු සඳහන් කරයි.
"මම විශ්වාස කරනවා යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවට වඩාත්ම වැදගත් වන්නේ යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘති කියලා. හැම දෙනෙක්ම අපිට යමක් ලබාදෙන්න කටයුතු කළා. අපි ඒ දේවල් ලබාගත්තා. " යැයිද හිටපු ජනපතිවරයා පවසයි.