ජපන් තානාපති කෙනිචි සුගනුමා මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් අද (14 දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය.
මෙහිදී අදෙරටේ සහයෝගිතාවයට වැදගත්වන කරුණු පිළිබඳව සාකච්ඡා වූ බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙහිදි අදහස් දැක්වු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ජපානය ශ්‍රී ලංකාවේ දිගු කාලීන මිතුරෙකු බවත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්වන සහයෝගීතාවය ඉතා අගය කරන බවයි.
සාගර ආරක්ෂාව, මුහුදු මඟින් සිදුවන මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් පාලනය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බවත් එම නීතිවිරෝධී ක්‍රියාවන් පාලනය සඳහා දෙරට අවබෝධයකින් කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරණය කෙරුණ බව අමාත්‍යාංශය සඳහන් කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපනයේ කල සංචාරය දෙරටටම වැදගත් බවත්, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු කෙරෙහි වඩා වැඩි දායකත්වයක් ලබාදෙන බවත් ජපාන තානාපතිවරයා සඳහන් කළ බව අමාත්‍යාංශය පවසයි.