නුදුරු දිනකදී නැවතත් ජපානයේ සංචාරයක නිරතවන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජපන් නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඉවාඕ හොරී මහතා ඇරයුම් කළේය.
ඉන්දීය සාගර සමුළුව සදහා සහභාගීවීමට දිවයිනට පැමිණි ජපාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මහතා ඊයේ (01දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව පැවැසීය.
එසේම ශ්‍රී ලංකාවට ලබාදෙන ජයිකා ආධාර තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කැපවන බව ද ඔහු ප්‍රකාශ කළේය.
ජපානය සැබෑ මිත්‍රයෙකු ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා ලබාදෙන දායකත්වය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා වෙනත් අරමුණුවලින් තොරව අවංක මිතුරෙකු ලෙස ලබාදෙන එම හෘදයාංගම සහය පිළිබද සිය කෘතවේදීත්වය පළකළ බව ජනපති මාධ්‍ය අංශය කියයි.