ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින ආර්ථික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ හා ජපාන අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍ය යොශිටාකා ෂින්ඩෝ මහතාගේ අවධානය යොමුව තිබේ.
එසේම දෙරට අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳවද දෙපාර්ශ්වය අතර කරුණු හුවමාරු වී තිබේ. පසුගිය වසර තුනක කාලය තුළ ජපාන සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම වර්ධනය වී ඇති බව කරන්නාගොඩ මහතා ජපාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට පැහැදිලි කර තිබේ.