ශ්‍රී ලංකාව තුළ ග්ලයිෆොසේට් තහනම් කිරීම හේතුවෙන් තේ කර්මාන්තයේ නියැලෙන්නන් ඒ වෙනුවට වෙනත් රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් ජපාන තේ වෙළඳපොළ ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවධානමක් පැන නැගී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. සිය ටිවිටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.
යුරෝපය තුළ හා ජපානය තුළ ග්ලයිෆෙසේට් තහනම් කර නොමැති තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව විසින් එය තහනම් කිරිම සාධාරණදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.