ජපානයේ උට්සුනෝමියා නගරයේ උද්‍යානයක් තුළ සිදුවූ පිපිරීම් කිහිපයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව, තව්ත දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට වේලාවෙන් උදෑසන 11.30 ට පමණ එකම වේලාවේදී මෙම පිපිරීම් කිහිපය සිදුව ඇති අතර, මෙය උතුරුදිග ටෝකියෝවේ, ටොචිගායි පළාතේ පිහිටි නගරයකි.
ජපානයේ එන්.එච්.කේ. රූපවාහිනිය විසින් අසල වූ රථ ගාලක මෝටර් රථවලටද මෙම පිපිරීම්වලින් හානි සිදුවී ඇති ආකාරය විකාශය කර තිබේ.
මෙම පිපිරීමට හේතුව තවම නිශ්චිතව නිගමනය කර නැතත්, ක්යෝදෝ පුවත් ඒජන්සිය පවසා සිටියේ පාරම්පරික සංස්කෘතික උත්සවයක් අසල උද්‍යානයේ පැවැත්වී ඇති බවයි. මෙම එක් පිපිරීමක් මේ ආශ්‍රිතව සිදුවන්නට ඇති බවත් එම පුවත් ඒජන්සිය පවසයි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ, මහා ශබ්දයක් සමගින් සිදුවූ පිපිරීමත් සමග වෙඩි බෙහෙත් ගඳ පළාත පුරා පැතිර ගිය බවයි.