ජපනයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 04කට අධික මුදලක් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් 50කට අධික ප්‍රමාණයකින් මුදල් ලබාගත්තද, එම රැකියා ලබානොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
කඩවත, සූරියපාලූවප්රදේශයේදී සැකකාර ශර්මිලා ජයරත්න (අවු. 45) නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇයගේ නිවසේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 80ක්, ජපානයේ රැකියා සඳහා රැකියා එකඟතා ගිවිසුම් විශාල ප්‍රමාණයක්, රැකියාවට අවශ්‍ය යෝග්‍යතා සහතික සහදිවුරුම් ප්‍රකාශද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුඇය එළඹෙන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.