ජනාධිපති කාර්යාලයට ලබා දී තිබෙන රථවාහන දහසකට අධික සංඛ්‍යාවෙන් වාහන 800කට අධික ප්‍රමාණයකට සිදුවූ දෙයක් සොයාගැනීමටවත් නොහැකි වී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල සේවකයෝ සඳහන් කරති.
මෙලෙස අතුරුදන් වී තිබෙන වාහන අතර පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට රැගෙන ආ මෝටර් රථ 25 ක් පවතින බවත්, මෙම රථ 25 ලියාපදිංචි කර නොමැති බවත් එම සේවකයෝ පෙන්වා දෙති.
2010 වසර වනවිට ජනාධිපති කාර්යාලය සතුව වාහන 530කට අධික ප්‍රමාණයක් තිබූ බවත්, ගෙවීගිය වසර හතරක කාලය තුළදී එය දෙගුණයකටත් වඩා වැඩි වූ බවත්සේවකයෝ සඳහන් කරති.
මෙම වාහනවලින් බහුතරයක් ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස සහ අධීක්ෂණ මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කළ පිරිස් විසින් රැගෙන ගොස් තිබෙන බවත්, මෙලෙස රැගෙන ගිය වාහනවලින් බොහෝ වාහන ප්‍රමාණයක කිසිදු තොරතුරක් නොමැති බවත් සේවකයෝ පෙන්වා දෙති.
මිට අමතරව දකුණු පළාත නියෝජනය කළ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන 14 ක් භාවිත කළ බවත්, ඒ පිළිබඳවද තොරතුරු නොමැති බවත් එම පිරිස් සඳහන් කරති.
ජනාධිපති කාර්යාලය සතුව තිබූ බොහෝ වාහන නීතිවිරෝධී ආකාරයට මෙරටට ගෙන්වා තිබියදී රේගුව විසින් අත්අඩංගුවට ගත් ඒවා බවත්, මේ ආකාරයට මෝටර් රථ, ප්‍රාඩෝ, කැබ් රථ විශාල ප්‍රමාණයක් ලබාදී තිබූ බවත් සේවකයෝ කියා සිටිති.