ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යාව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා හා එම ආර්යාව විසින් පසුගිය 23 වැනිදා සවස නිව්යෝක් නගරයේදී පවත්වනු ලැබූ පිළිගැනීමේ සාදයට සහභාගී වූහ.
මෙම පිළිගැනීමේ සාදය එක්සත් ජාතීන්ගේ මහා සමුළුව අතරතුර, ඒ සඳහා පැමිණෙන රාජ්ය නායකයන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන්නකි.
ජනාධිපතිවරයා පසුගිය 22 වැනිදා නිව්යෝක් නගරයට පැමිණි අතර, එහිදී 2014 එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුව, ක්ලින්ටන් ගෝලීය මුල් පිරීමේ වාර්ෂික හමුව සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසි වාරය ඇතුළු තවත් උත්සව කිහිපයකට එහිදී ජනාධිපතිවරයා සහභාගි විය.