යම් ප්‍රවෘත්තියක් සම්බන්ධව ජනාධිපතිවරයා ප්‍රතිචාර දැක්වූ විට ඔහු විවේචනය කිරීමට මාධ්‍යයට අයිතියක් නැතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. තමා අබිබවා යමින් පළකර ඇති ප්රවෘත්ති විවේචනය කිරීමට රටේ නායකයා හැටියට ජනාධිපතිවරයාට අයිතියක් තිබෙන බවද මහඇමතිවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ අද (25දා) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉසුර දේවප්‍රිය මහතා,
“සමහරක් වෙලාවට අපි කරන ප්‍රකාශ නෙමෙයි මාධ්‍යයේ පළවෙන්නේ. මේ ළඟදී විමල් වීරවංශ මහතාට මීට දින කිහිපයකට පෙර හවස ප්රවෘත්ති විකාශයේදී ගුවන්විදුලියක අනවශ්‍ය ගුවන් කාලයක් ලබාදී තිබුණා. තනිකරම රට නොමග යවන ප්‍රකාශයක් කරගෙන ගියා. ජනාධිපතිතුමා මේ ළඟදී කිව්වා සති අන්තයේ පුවත්පත් දැක්කාම පුදුම හිතෙනවා කියලා. එතුමාට පුදුම හිතන එක පුදුමයට කරුණක් නෙමෙයි. මේ රටේ තීන්දු තීරණ ගන්න ඉන්න විධායක ජනාධිපතිවරයා නොදන්න දේවල් මාධ්‍යවල ප්‍රකාශයට පත්වෙලා තිබුණා.
වගකිවයුතු දේශපාලඥයන් හැටියට අපි දන්නවා සමහරක් මාධ්‍යවල යන දේවල් අපි හිතන සැලසුම් කරන දේවල් නෙමෙයි. එක එක් කෙනාට ඕන විදියට මාධ්‍යවල ප්‍රචාරය කරනවා. රටේ නායකයා හැටියට ජනාධිපතිතුමාට තේරෙනවා ප්රවෘත්ති හරිද වැරදිද කියලා. වගකිවයුතු දේශපාලන නායකයෙක් හැටියට එතුමා ඒකට ප්‍රතිචාර දැක්වූවාම මාධ්‍යයවලට අයිතියක් නැහැ ඒක විවේචනය කරන්න. ව්‍යවස්ථාව සම්බන්යෙන් හරි, සයිටම් එක ගැන හරි, සිරකරුවන් ගැන හරි මොනවහරි මේ රටේ බරපතළ කාරණයක් සම්බන්ධයෙන් අවසාන තීන්දුව දෙන්න ඉන්නේ ජනාධිපතිතුමා. රටේ නායකයා හැටියට තමන් අබිබවා යන ප්රවෘත්ති විවේචනය කරන්න එතුමාට අවස්ථාව තිබෙනවා."යනුවෙන් පවසා සිටියේය.