අමාත්‍යවරු, මහ ඇමතිවරු, පෞද්ගලික කාර්යමණ්ඩල අද අරලියගහ මැදුරට
අගමැති තනතුර මෛත්‍රීට ලබාදෙන ලෙසත් යෝජනාවක්
එළඹෙන ජනාධිපතිවරණයට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරුන්, මහ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හා පෞද්ගලික කාර්යමණ්ඩල විශේෂ සාකච්ඡාවක් සඳහා අද (13දා) අරලියගහ මන්දිරයට කැඳවීමට නියමිතය.
මෙකී රැස්වීම අද (13දා) සවස ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මැතිවරණය සඳහා මාධ්‍ය මෙහෙයුම් කමිටු දැනටමත් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා රජයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විවිධ පුද්ගලයන්ට වගකීම් පවරා ඇත.
එසේම එළඹෙන ජනාධිපතිවරණයට ප්‍රථම අගමැති තනතුරේ වෙනසක් සිදුකරන ලෙස රජයේ උපදේශකයන් උපදෙස් ලබාදී ඇත.
අගමැති තනතුර වගකිවයුතු හා කාර්යක්ෂම අමාත්‍යවරයෙකු විසින් දැරීමෙන් මැතිවරණ කාලය තුළ දේශපාලන වශයෙන් ඉතා වැදගත් බවත්, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ යුතු බවටත් යෝජනා වී තිබේ.
දැනට අග්‍රාමාත්‍ය ධුරය දරන දි.මු. ජයරත්න මහතාගේ එම තනතුර අහිමි කිරීමට පිළිමයක් ලෙස ඒ මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතාට කිසියම් තනතුරක් ලබාදෙන ලෙසද යෝජනා වී ඇත.