රටේ ත්රිවිධ හමුදාව එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විනාශකිරීමට යුද්ධකළා සේම තමන් ත්රිවිධ හමුදාවේ ගෞරවය ආරක්ෂාකරදීමේ යුද්ධයක නියැළී සිටින බවද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මෙරට ත්රිවිධ හමුදාවට ඉහළ පිළිගැනීමක් ඇතිවන ආකාරයෙන් මිස තිබෙන පිළිගැනීම නැතිවන ආකාරයකට කිසිසේත්ම කටයුතු නොකරන බවද ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
නින්දා, අපහාස සියල්ල මැද මාතෘ භූමිය වෙනුවෙන් සිය වගකීම නිසිපරිදි ඉටුකිරීමට තමා කැපවන බවත්, එදිරිවාදිකම් අත්හරිමින් ජාතික සමගිය ගොඩනැගීමට එක්වන ලෙසත් ජනාධිපතිවරයා සියලු දෙනාට ආරාධනාවක්ද සිදුකළේ රණවිරුවන්ට සහ රණවිරු පවුල්වල සාමාජිකයන්ට ප්රතිලාභ ලබාදෙන විරුසර වරප්රසාද කාඩ්පත හඳුන්වාදීමේ අවස්ථාවට අද(25දා) එක්වෙමිනි.
ඡායාරූප - ඉසුරු පෙරේරා