ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරයක් වීඩියෝ ගත කළ රියදුරා පොලිස් ඇප මත මුදා හැර තිබේ. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා රැගත් හෙලිකොප්ටරය පසුගියදා කොළඹ පොලිස් බළකා මූලස්ථාන පිටියට ගොඩබාන අවස්ථාවේදී ඉදිරිපිට මාර්ගයේ ලොරියක සිට එය වීඩියෝ ගත කළ රියදුරා මෙලෙස මුදාහැර තිබේ. සිය දරුවනට පෙන්වීම සඳහා තමා එසේ කළ බව හෙතෙම ප්රකාශකර තිබේ.