ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් මතුව ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්රිය මහතා පැවැසීය. එමෙන්ම ජනපතිවරයා තම ආරක්ෂාව පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතු යැයි ද ජනපතිවරයාගේ ආරක්ෂාවට සිටින ජනාධිපති ආරක්ෂක අංශය සිටින්නේ කුමක් සඳහා දැයි යනුවෙන් හෙතෙම ප්රශ්න කළේය.