ජන සෙත පෙරමුණ ඉදිරි මහ මැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස තරග කරන බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තව මාස දෙකක් පමණ ප්‍රමාද වූවානම් සුදුසුයැයිද පක්ෂවලින් නාම යෝජනා දුන්නත් එතනෝල්, කුඩුකාරයන්, දූෂකයන්, මීනීමරුවන් මෙන්ම මංකොල්ලකාරයන් යළි පාර්ලිමේන්තු නොයවන්නයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ඊයේ (27දා) මීරිගමදී පැවසූහ.
උන්වහන්සේ ඒ බව සදහන් කලේ මීරිගම සතිපොල භූමියේ දී ජනතාව හමුවී දැනුම්වත් කිරීමේ අත් පති‍්‍රකා බෙදීමේ අවස්ථාවේදී ජනතාව අමතමිණි.
"ආණ්ඩුව විසුරුවා හැරියා. හොරු ඔක්කොම යලි බලය ගන්න බලනවා. පක්ෂවලින් නාම යෝජනා දුන්නත් එතනෝල්, කුඩුකාරයන්, දූෂකයන්, මීනීමරුවන් මංකොල්ලකාරයන් යළි පාර්ලිමේන්තු යවන්න එපා. අද අගමැති වෙන්න පොරයක් තියෙනවා. පක්ෂ නායකයෙක් වන මම අගමැතිකමට සුදුසු නැතිද? භීක්ෂූවක් ජනතාවගේ දේපල මංකොල්ල කන්නේ නැහැ.
ජනසෙත පෙරමුණත් එහෙමමයි. රට සංවර්ධනය කරා ගෙනයන්න අපි එකමුතු වෙමු. අද මුලු රටම කැද හැළියක් වෙලා ඉවරයි. දින 100 තුළ මොනවද වුණේ
අද මහ පක්ෂ ජාතිවාදය වපුරනවා. ජාතිවාදය අවුස්සන්න ඉඩ දෙන්න හොද නැහැ. අද මහ ජාතිය බලූ ජාතියක් වෙලා. මහින්ද රාජපක්ෂ යුද්ධය අවසන් කිරීම ගැන සතුටුයි. ඒවගේ වීරයෙක් අන්තිමේ මී පැටියෙක් ගානට වැටුනා. වසර දෙකක බලය අතේ තියාගෙන බල තණ්හාවෙන් කටයුතු කලා. නොවැම්බර් 20ත් මම එපා කිව්වාත් ඇහුවේ නැහැ.
මෛතී‍්‍ර දින 100 ට වැඩ කොටසක් කළා. විසිවැනි සංශෝධනයට යූ.එන්.පීයත් සුලු පක්ෂත් කැමැති නැහැ. ජනතාව ආරක්ෂා කරන්නට කැපවුනු අයට විතරක් මේ මැතිවරණයේදී ඡුන්දය දෙන්න. මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් එක්තරා කුමණ්ත්‍රනයක්. අපරාදයක්. හොරු මංකොල්ල කාරයො ඇල්ලන එක මෙතනින්ම නතර වෙයි. තව මාස දෙකක් විතර ගියා නම් හොදයි"
මීරිගම කාන්ති