හිටපු යුද හමුදාපති ජනරාල් ජයත් ජයසූරිය මහතා අපරාධ කර ඇති බවට තමන් සතුව සාක්ෂි පවතින බවත් නිශ්චිත අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවෙන්නෙ නම් ඒ පිළිබඳව සාක්ෂි තමට ඉදිරිපත් කළ හැකි බවත් ෆීල්ඩ් මාෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
මානුෂීය මෙහෙයුම් සමයේදී තමා වන්නි ආඥාපති ලෙස කටයුතු කළත් භට පිරිස් වෙත අණදුන්නේ එවකට යුද හමුදාපති වශයෙන් කටයුතු කළ ෆීල්ඩ් මාෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා බවත් ඔහු සඳහන් කරයි.
"වන්නි ආඥාපති වශයෙන් කටයුතු කළ ජයසූරිය මහතා අපරාධ කළ බවට මට පැමිණිලි ඉදිරිපත් වුණා. ඔහු යුද හමුදාපති වශයෙන් කටයුතු කරන විටත් ඒ දේම සිදුකළා. මට අපරාධ ගැන සාක්ෂි තිබෙනවා. මේ සම්න්ධයෙන් කරපු විමර්ශනයේදී පළමු පියවර ලෙස මම ඔහුව අත්අඩංගුවට ගත්තා. මේවා හමුදාව විසින් සමස්තයක් ලෙස වගකිව යුතු අපරාධ නොවෙයි.ඒවා තනි තනි පුද්ගලයන් විසින් කළ අපරාධ" යැයි සරත් ෆොන්සේකා මහතා පවසයි.
හිටපු බ්‍රසීල තානාපති මෙන්ම හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා පවසන්නේ " යුද්ධයෙන් පසුව සරත් ෆොන්සේකා මහත්තයා කිව්වෙ එයා හැමදේම කළා කියලා. මා ළඟ ලිපියක් තිබෙනවා යුද්ධයේ අවසන් කාලසීමාවේදී එවකට යුද හමුදාපති වශයෙන් සරත් ෆොන්සේකා මහතා මට යුද මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවට සඳහන් කළ." යනුවෙනි.