පසුගිය කාල සීමාව තුළ දී ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම හා ඔවුන් අතුරුදන්වීම හා සම්බන්ධ පරීක්ෂණ නැවත වරක් සිදුකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
සිකුරාදා පැවැති උත්සවයකදී ජනපතිවරයා මේ බව පැවැසූ බව හින්දු පුවත් සේවය සඳහන් කරයි. එසේම මාධ්‍ය නිදහස තහවුරු කිරීමට කටයුතු කරන බවත් ජනපතිවරයා මෙහිදී පවසා තිබේ.