ජනතාවට ගරු කරන අය පාර්ලිමේන්තුවට ආ යුතු බවත්, ඒ අය පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කළ යුතු බවත්, එසේ නොකර ජනතා මතයට පයින්ගහපු මන්ත්‍රීවරු තම රජය යටතේ පාර්ලිමේන්තුවේ පාපිස්සේ රැයක් නිදි කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අරලියගහ මන්දිරයේද අද (23දා) පැවති කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් හා සංවිධායකයන්ගේ හමුවේදී අගමැතිවරයා මෙසේ පැවසීය.
"මේක ජනතාවගේ බලය. ඒ ජනමතයට ගරුනොකර එදා උඩින් ගිය අද පාපිස්සට වට්ටල තියෙනවා. ආපසු නිදාගන්න ඕන නම් පාර්ලිමේන්තුවේ ගිහින් නිදාගන්න කියලා මම ඒ ගොල්ලන්ට කියනවා.
ඇයි කාගෙන්වත් අල්ලස් හා දූෂණ පිළිබඳව ප්‍රශ්න කරන්න බැරි? ඇයි අපරාධයක් පිළිබඳ ප්‍රශ්න කරන්න බැරි? නීතියට ප්‍රකාශයක් අවශ්‍යනම් ඇයි ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න බැරි? ජනාධිපතිතුමා වුණත් නීතියට යම් ප්‍රකාශයක් දිය යුතු නම් එය ලබා දීම යුතුකමක්. නඩුදාන ඒක වෙනම එකක්. ඇයි හිටපු ජනාධිපතිතුමාට ප්‍රකාශයක් කරන්න බැරි?
මොකටද බය මොකටද කෑගහන්නේ? ඇයි පාර්ලිමේන්තුවෙන් කියන්නේ මේ වැඩකටයුතු නවත්වන්න කියලා. අපි යන මේ ගමන ස්වල්ප දෙනෙකුට නතර කරන්න ඉඩදෙන්න බෑ. එහෙම උනොත් අපි ජනතාවගෙන් ඉල්ලනවා අපට අලුත් පාර්ලිමේන්තුවක් හදල දෙන්න කියලා" යැයි ද පැවසීය.