යෝජිත නව ව්‍යවස්ථාව සඳහා ජනමත විචාරණයක් පැවැත්වුවත් එම ජනමත විචාරණයේ ප්‍රතිඵල කුමක් වුවද එය බෙදුම්වාදීන්ගේ ජයග්‍රහණයක් වන බව පිළිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ අද (25දා) දින පැවති පිළිතුරු හෙළ උරුමය පක්ෂ සංවිධානය කළ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, "වෙනත් වචන වලින් කිව්වොත් ඔවුන් ජනමත විචාරණය දින්නත් දිනුම්, පැරදුනත් දිනුම්. කොහොමද ඒක එහෙම වෙන්නේ. නව ව්‍යවස්ථාවට ජනමත විමසුමක් පැවැත්වුවහොත් උතුරු පළාතේ ජනතාව පෙඩරල් ව්‍යවස්ථාව ඉහළින් අනුමත කරාවි.
අනිත් පළාත්වල ජනතාව ඒ ප්‍රතිශතයෙන්ම ඒක ප්‍රතික්ෂේප කරාවි. එවිට උතුරේ දෙමළ ජනතාව අපේක්ෂා කරන දේ දකුණේ සිංහල ජනතාව ප්‍රතික්ෂේප කරන නිසා අපට එකට ඉන්න බෑ. අපට වෙනම රටකට ජනවරමක් ලැබුණා කියා දෙමළ බෙදුම්වාදීන් ජාත්‍යන්තරයට පවසාවි.
ඒ නිසා රට පෙඩරල් කරන ව්‍යවස්ථාව ජනමත විමසුමෙන් අනුමත වුණොත් දෙමළ ඊලමට පාර ඉමේබ කැපෙනවා. ප්‍රතික්ෂේප වුණොත් ජාත්‍යන්තර මැදිහත්වීමකට එය පදනම කරගන්නවා. ඒ නිසා ජනමත විමසුම පැවැත්වුවහොත් එයම දෙමළ බෙදුම්වාදීන්ගේ ජයග්‍රහණයක්" යැයි පැවැසීය.