විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ කටයුතු වලට ක්රියාකාරීව සහභාගී වූ බව කියන පුද්ගලයෙකු රාජාංගනය යාය 04 ප්රදේශයේදී අභිරහස් ලෙස මරා දමා තිබියදී සොයා ගෙන තිබේ.
ඔහුගේ මළ සිරුර රාජාංගනය යාය 04 ලූණු ඔයේ තිබියදී ප්රදේශවාසීන් සොයා ගෙන ඇත. අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නිහාල් රත්නායක (40) (බන්ටි) නැමති තිදරු පියෙකි.
නිහාල් මහතා ඝාතනයට ලක් වූ දින (17දා) ඔහුගේ නිවසේ සිටින විට පොලීසිය බව කියමින් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු ඔවුන් පැමිණි යතුරු පැදියට නංවාගෙන ගිය බව ඔහුගේ පවුලේ ඥාතීහු පවසති.