ජනාධිපතිවරණයෙන් පසුව පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්රියා 38 ක් වාර්තා වන බව කැෆේ සංවිධානය පවසයි.
මින් බරපතළ සිද්ධි 6 ක්ද, පහරදීම් 4 ක්ද, පුද්ගල ඝාතන 2 ක්ද වාර්තා වන බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්රකාශ කළේය.
අනුරාධපුරය, හලාවත, ගාල්ල, යටිනුවර යන ප්ර‘දේශවලින් බරපතළ සිද්ධි වාර්තා වූ බව හෙතෙම පැවසීය.
මැතිවරණයෙන් පසුව දින 6 ක් යනතෙක් පශ්චාත් මැතිවරණ සමයේ නිරීක්ෂණ කටයුතු සිදුකරන බවද කැෆේ සංවිධානය පවසයි.