2015 වසරේ පළමු පාසල් වාරය ජනවාරි 05 වැනිදා ආරම්භ වුවද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන පාසල් 83 ක් එදිනට විවෘත නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මීට අමතරව ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු සඳහා ජනවාරි 07 වැනිදා සිට 09 වැනිදා දක්වා සියලුම පාසල් වසා තැබෙන බවද අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
ජනවාරි 05 වැනිදා ආරම්භ නොවන පාසල් 83 ක් සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහාත්, පාසල් 43 ක් අතිඋතුම් පාප් වහන්සේගේ සංචාරයේ ආරක්ෂක කටයුතු සඳහාත් යොදාගැනීමට නියමිතය. 2014 වසරේ අවසන් වාර නිවාඩුව හෙට (05දා) සිට ආරම්භ වේ.