ලබන ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්රකාශය කිරීම සඳහා ඡන්ද දායකයන් 15,044,490 ක් සුදුසුකම් ලබා තිබෙන අතර, මෙම පිරිසෙන් ඡන්ද දායකයන් 316 දෙනෙකු පරිපූරක ලැයිස්තු යටතේ ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.
ඡන්ද දායකයන් වැඩිම පිරිසක් සිටින දිස්ත්රික්කය ගම්පහ දිස්ත්රික්කය වන අතර, එම දිස්ත්රික්කය තුළ ඡන්ද දායකයන් 1,637,537 ක් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා තිබේ.
අඩුම ඡන්ද දායකයන් සිටින දිස්ත්රික්කය ලෙස වන්නි මැතිවරණ දිස්ත්රික්කය නම් වී තිබෙන අතර, එම දිස්ත්රික්කයේ 253,058 ක් ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇත.