‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම මහින්ද රාජපක්ෂට ජනාධිපති මැතිවරණයක් දැම්ම පවත්වන්න අවකාශයක් නැහැ. මං දන්නෙ නැහැ මහින්ද රාජපක්ෂට සිංහල කියවන්න පුළුවන්ද කියලා. ඕනනම් උසාවි යන්න , මම පත්කරපු විනිශ්චයකාරුවෝ තමයි එහි ඉන්නේ. අපි මේවා කියන්නේ පැහැදිලි නීති තර්ක දෙකක් අනුවයි. බොහොම කෙලින් යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි සකස් කර තියෙනවා. එය ඉදිරියේදී ඉදිරිපත් කරනවා’ යැයි හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් නන්ද සිල්වා මහතා පැවසීය .
‘මහින්දට තුන්වරක් බැහැ ’ යන තේමාව යටතේ ජාත්රන්තවාදය සඳහා ජනතා ව්‍යාපාරය ඊයේ (20දා) මාතර සණස ශාලවේ සංවිධානයකර තිබූ ජනහමුවකදී ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනතා විමුක්ති පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක මහතා ,
‘මහින්ද රාජපක්ෂ මහත්තයට 2014 නොවැම්බර් 19 ට වසර හතරක් පිරුණට ජනාධිපති ජන්දයක් පවත්වන්න බැහැ , එය කැඳවන්න පුළුවන් 2016 නොවැම්බර් 19 පසුවයි. ඒ නිසා මේ තියන්න හදන ජනාධිපතිවරණය නීති විරෝධීයි, නීත්‍යානුකූල එකක් නෙමෙයි.'
මාතර මහේෂ් මලවර ආරච්චි , ඊ.ඒ. එච්.ප්‍රසාද්