සංවර්ධනය යනු ඉදිකිරීම පමණක් නොවන බවත්, පසුගිය කාලයේදී ඉදිකිරීම සංවර්ධනය යනුවෙන් හැදින්වීමේ පුරුදද්ක් තිබූ බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
එසේම ගමේ සංවර්ධනය නැති වී නොමැති බවත්, ජනපතිවරණය කලින් පැවැත්වීමට හේතුවත් අගමැතිවරයා මෙහිදී පැහැදිලි කළේය.
අද (14දා) සිරිකොතේ පැවති යොවුන් හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"අවාසනාවකට පසුගිය අවුරුදු පහ හයේදී මේ රටේ පුරුද්දක් ඇති වෙලා තියෙනවා සංවර්ධනය කියන්නේ ඉදිකිරීම පමණයි කියලා. ඉදිකිරීම සංවර්ධනයේ කොටසක්. රැකියා බිහිකිරීම තමයි වැදගත් වෙන්නේ. තමන්ගේ අතේ මුදල් තියෙන්න ඕන. තරුණයින්ට අනාගතයක් තියෙන් ඕන.
චෝදනාවක් තියෙනවා ගමේ තියෙන සංවර්ධනය නැති වෙලා කියලා. එහෙම දෙයක් වෙලා නෑ. අද සංවර්ධන සැලැස්මේ වෙනසක් වෙලා තියෙනවා. ගිය අවුරුදු පහේදී අපි දැකපු දෙයක් තමයි රටේ හැමතැනම සංවර්ධනයක් සිදුවුණේ නෑ. රටේ ආදායම වැඩිකරන, නිදහස වැඩිකරන වැඩසටහන් සිදුවුණේ නෑ. එකක් සිදුවුණා. ගිය අවුරුදු තුනේ පාරවල් හැදුවා ගෙව්වේ නෑ.
කොන්ත්රාත්තුව දෙන්න ඉස්සෙල්ලා කොමිස් එක දෙන්න ඕන. ඒක කොන්ත්රාත්කරුගේ මුදලින් දෙන්නේ. කොමිස් එක දුන්නට පස්සේ පාරවල් හදන්න කියනවා. මුදල්වලින් කොටසක් ගෙවනවා. සම්පූර්ණයෙන් ගෙවලා නෑ. අවුරුදු තුනක බිල් තියෙනවා. කොහොමද ඒවා ගෙවන්නේ.
ඒවා ගෙවන්න තියෙන නිසා තමයි ජනාධිපතිවරණය කලින් පවත්වන්න වුණේ. දිනලා පාර්ලිමේන්තු ඡන්දය පවත්වලා තමයි ගෙවන්න හිටියේ. ගෙවන්න හිටියේ බදු වැඩිකරලා. වැට් වැඩිකරලා. විදුලි බිල වැඩිකරලා. තෙල් මිල වැඩිකරලා. ජනාධිපතිවරණයෙන් වෙනස් ප්රතිඵලයක් ආවා. මේ රටේ ජනතාව මෛත්රීපාල සිරිසේන ජනපතිතුමා පත්කරන්න ඡන්දය දුන්නා. "