ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් ගණුමට සිය කැමැත්ත (LIKES) ප්රකාශ කළ පුද්ගලයිනේ ප්රමාණය 134000කින් පමණ අඩුව තිබෙනවා.
ඊයේ (20දා) පෙරවරුව වන විට ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ගිණුමට මිලියන ඉක්මවා (1,000,614) ජනතාවක් සිය කැමැත්ත ප්රකාශ කර තිබුණත් මේ වන විට එයට කැමත්ත ප්රකාශ කර ඇති ප්රමාණය 865,885ක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව ඔහුගේ ගිණුමට කැමත්ත ප්රකාශ කළ පුද්ගලයින්ගෙන් 134000කට අධික පිරිසක් එයින් ඉවත්ව තිබෙන බවට අනුමාන කළ හැකියි.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතාත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුම්වලට මිලියනය ඉක්මවා ජනතාවක් ඊයේ වන විට කැමැත්ත ප්රකාශ කර තිබුණ අතර ඒ අනුව ඔවුන් දෙදෙනා මිලියනය ඉක්මවූ ජනතාවක් කැමැත්ත ප්රකාශ කළ ශ්රී ලංකාවේ පළමු දේශපාලඥයින් දෙදෙනා බවටත් පත්වුණා.
ජනපතිගේ ෆේස්බුක් ගිණුමේ Likes ප්රමාණය අඩුවුවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගිණුමේ එවැනි තත්ත්වයක් නොමැත. ඔහුගේ ගිණුමට අද (21දා) වන විට 1,002,820 ප්රමාණයක් කැමැත්ත ප්රකාශ කර තිබුණි.
අද (21දා) සවස 3.20 පමණ වන විට ඔහුගේ ගිණුමට කැමැත්ත ප්රකාශ කර ඇති පිරිස (865,885)
ඊයේ (20දා) පෙරවරුවේ ජනපතිවරයාගේ ගිණුමට කැමැත්ත ප්රකාශ කර ඇති පිරිස 1,000,614