ජනපති අතින් සිදුවූ වැරැද්ද නිවැරදි කිරීමට කාලය එළැඹ ඇති බවත්, ඉදිරි මැතිවරණයේ පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ යුතු බව බස්නාහිර පළාත් මහා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (27දා) වරකාපොළ නගර ශාලාවේදී දැදිගම පවුර මගින් සංවිධනය කරනු ලැබූ උත්සවයකදීය.
"මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එදා අපේ පක්ෂයට කළේ ලොකු වරදක්. ඒ වැරදි ඔබතුමා දන්නවා. නමුත් ඒ වැරදි නිවැරදි කරගන්න හොඳ අවස්ථාවක් ලැබිල තියෙනවා. හැබැයි ඔබතුමා මේකට පිට පෑවොත් මේ රටේ ගම් මට්ටමේ ඉන්න ජනතාව කොක්කෙන් හරි කෙක්කෙන් හරි මහින්ද රාජපක්ෂව අගමැති කරනවා.
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්දට බොරු චෝදනා නගලා මහජනතාවට බොරු පොරොන්දු දීලා බලය ලබා ගත්තා. අද වෙනකොට එදා පහත හෙළනව කියපු අත්‍යවශ්‍ය භාණ්ඩවලින් ඩීසල්, පෙට්‍රල් හැරුණම, අනිත් සෑම දෙයක්ම මහජනතාවට දරාගන්න බැරි තරමට මිල වැඩිවෙලා. රටේ සංවර්ධන කටයුතු සියල්ලම ඇණහිටිලා. දැන් ඒවා පොරොන්දු වචනයට පමණක් සීමා වෙලා"