ජනාධිපතිවරයා වෙත එක් මාසයකට මහජන දුක්ගැනවිලි 9000 ක් පමණ ලැබෙන බව ජනාධිපති අතිරේක ලේකම් එස්.ටී. කොඩිකාර මහතා පැවසීය.
මහජනතාවගේ දුක්ගැනවිලි සොයාබැලීම සම්බන්ධව පත්කර ඇති කාර්යාලයේ සේවය කරන අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පුරවැසියන්ගෙන් ලැබෙන දුක්ගැනවිලි සඳහා අවශ්‍ය බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.