ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන භාරත් රත්න සම්මානය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුවන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පවසා තිබෙන බව ද හින්දු පුවත්පත කියයි.
එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කිරීම හේතුවෙන් ඉන්දීය ආරක්ෂාවටද ඇති වූ ධනාත්මක තත්ත්වය සලකාබලා මෙම සම්මානය මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට ලබා දීම පිළිබඳව සලකා බලන්නැයි සුබ්‍රමනියම් ස්වාමි අගමැති නරේන්ද්‍ර මෝදිට පවසා තිබේ.
භාරත් රත්න සම්මානය 1954 වසරේදී ආරම්භකළ අතර මේ දක්වා 43 දෙනෙකු එම සම්මානයෙන් පිදුම් ලබා තිබේ. අවසන්වරට ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් හා රසායනඥයෙකු වන සී.එන්.ආර් රාඹ් මහතා මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ.