ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවලදී තමන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට වඩා ජනාධිපතිවරයා විසින් තමන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අද(23දා)පැවසීය.
“අපි ප්‍රශ්නයක් අරන් ගියාම එතුමාගේ ප්‍රශ්න අපට කියනවා.ඒක හරියට වඳින්න ගිය දේවාලය ඉහේ කඩාවැටුණා වගේ වැඩක්* යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
කාටද බලය තිබෙන්නේ කියා ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රශ්නයක් තිබෙන බවත්, ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයද ආණ්ඩුවේ සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් බවත් මරදාන සී.එස්.ආර්. ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.