ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්රහණය වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ 'තෙවැනි වරටත් දිනුම රටටයි' මැයෙන් පෝස්ටර් ලක්ෂ 1 ½ ක් රටපුරා ඇලවීමේ ප්රචාරණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
කොළඹ දිස්ත්රික්කය පුරා පෝස්ටර් අලවමින් පෙරේදා (18දා) රාත්රියෙන් එම කාර්යය ආරම්භ කෙරිණි. ජනාධිපතිවරයාගේ ප්රචාරණ කටයුතු සිදුකිරීම සඳහා එම පක්ෂයේ ප්රධාන ලේකම් ප්රියන්ජිත් විතාරණ මහතාගේ ප්රධානත්වයෙන් ජාතික මෙහෙයුම් කමිටුවක්ද පත්කර තිබේ.
එහි ආරම්භක කාර්යය ලෙස පෝස්ටර් ඇලවීම සිදුකළ බවත්, ඉදිරියේදී මහජන රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.