ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශිෂ්ටතා සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිරිනැමීය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් සිදුකරන ලද සුවිශේෂී මෙහෙවර අගයමින් ජනාධිපතිවරයා වෙත මෙම සම්මානය පිරිනැමුණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ අධ්යක්ෂ ආචාර්ය පූනම් කිත්රපාල් සිං විසින් මෙම සම්මානය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුණි.