යම් හෙයකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ නම් එම තීරණයට එරෙහිව අධිකරණයට යෑමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබුණ බවට තොරතුරු වාර්තා වෙයි.
එසේම එක්සත් ජාතික පක්ෂය එම අධිකරණ ක්රියාවලිංයට යොමුවිමෙන් අනතුරුව ජනපතිවරයා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කර ඇති බව පවසා ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනවිත් ඔහුව ධුරයෙන් ඉවත්කිරිමේ සූදානමක් පැවැති බවටද ජනපතිවරයාට තොරතුරු ලැබී ඇත.
ජනපතිවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඊයේ (19දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමති හමුවේදී පවසා ඇති බවද වාර්තා වෙයි.