පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට සහභාගී වීමට එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලන්ඩන් නුවර හීත්රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.
එහිදී බ්‍රිතාන්‍ය මහා රැජිනගේ විශේෂ නියෝජිතයෙකු විසින් ජනාධිපතිතුමා, ජයන්ති මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙල හෙට (09දා) බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි එළිසබත් මහ රැජින ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මැල්බෙරෝන් පොදු රාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේදී පැවැත්වෙයි.
පොදු රාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම අවස්ථාවේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස එක් වනු ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් කමලේෂ් ෂර්මා මහතා සහ 2015 පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ලෙස තේරී පත්වන මෝල්ටා රජ්‍යයේ නායකයාද මීට සහභාගී වෙයි.
.jpg)
.jpg)