පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ ප්‍රජාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් සුවිශේෂී සහයෝගය සහ දායකත්වය උදෙසා පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනය විසින් ජනාධිපතිවරයාට ඇගයීමේ සම්මානයක් පිරිනැමූ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනයේ සභාපති අහමඩ් අඩමු මහතා විසින් ඊයේ (28දා) මෝල්ටා රාජ්‍යයේදී ජනාධිපතිවරයාට මෙම සම්මානය පිරිනමා තිබේ.
මෙම අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනය නියෝජනය කරමින් ශිරෝමී වත්සලා සමරකෝන්, තාරිකා දිලීපනී සහ මොහොමඩ් හුස්නි යන මහත්ම මහත්මීන් ද එක්ව සිටි බවද ජනපති මාධ්‍ය අංශය පවසයි.