ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද (27දා) සිට පෙබරවාරි 05 වැනිදා දක්වා ඉන්දියව සහ ඉතියෝපියාව යන රටවල නිල සංචාරයක නිරත වෙයි.
ලබන මාර්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට සහාය ලබාගැනීම මෙම සංචාරයන්හි අපේක්ෂාව බව කියැවෙයි.
ඒ අනුව, අද (27දා) සිට මාර්තු 02 වැනිදා දක්වා ඉන්දියාවේද, මාර්තු 02 සිට මාර්තු 05 දක්වා ඉතියෝපියාවේද අමාත්‍යවරයා සංචාරය කරනු ඇත.