ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ගේ අද (14) දින යාපනය සංචාරය අතරතුර විරෝධතාවන් නොපැවත්විය යුතු ස්ථාන කිහිපයක් හා දේශපාලඥයින් කිහිප දෙනෙකුට විරෝධතා තහනම් කරමින් යාපනය පොලීසිය විසින් අධිකරණ තහනම් නියෝගයක් ගෙන ඇත.
මේ අනුව යාපනය අධිකරණය අසළ ,යාපනය හින්දු විද්‍යාලය අසළ හා යාපනය ආණ්ඩුකාර කාර්යාලය අසළ කිසිදු විරෝධතාවක් සිදු කිරීමට නොහැකි අයුරින් යාපනය පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ගෙන ඇත.
ඊට අමතරව අදාල විරෝධතාවන් වෙනුවෙන් දේශපාලඥයින් වන එම්.කේ. සිවාජිලිංගම්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සුරෙස් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු පිරිසකට සහභාගී වීමට නොහැකි වන අයුරින් අධිකරණ තහනම් නියෝගය ගෙන ඇත.
ජනාධිපතිගේ යාපනය සංචාරය අතරතුර දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු සංවිධාන කිහිපයක් යාපනයේ ස්ථාන කිහියක කලු කොඩි විරෝධවන් පැවත්වීමට තිබූ සූදානමක් හේතුවෙන් යාපනය පොලීසිය විසින් මෙම අධිකරණ තහනම් නියෝගය ගෙන තිබේ.