ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මතබේද දෙකක් තිබුණත් ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයේදී මත දෙකේම පිරිස් එකතු කරගෙන මැතිවරණයට මුහුණදෙන බවට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ විධායක රැස්වීමේදී පොරොන්දු වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළ හිටපු මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ,
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පක්ෂයේ මත දෙකක් තිබුණත් මැතිවරණයට කණ්ඩායම් දෙකම එකතුවී විශාල මන්ත්‍රී ධුර ප්‍රමාණයක් දිනාගත් බවත්ය.
එම මැතිවරණයේදී සිදුවූ සමගියම මෙම මැතිවණයේදී සිදුවන බවත්, අද දවස වනවිට යම් යම් පිරිස් පක්ෂ සකස් කරන බවට සඳහන් කළත් ඔවුන් කිසිවෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් නොවන බවද පවසා සිටියේය.