පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සහ ඉදිරි මැතිවරණයකදී පක්ෂය කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19දා) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ සඳහා සහභාගිවන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
මෙම රැස්වීමේදී මේ වනවිට මධ්‍යමකාරක සභාවෙන් ඉවත් කර සිටිනා 05 දෙනාට නැවත එම තනතුර දීම පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිතය.