වත්මන් ජනාධිපතිවරයාට තෙවැනි වර ජනාධිපතිවරණයට මුහුණදීමට නොහැකි බවට වූ නෛතික කරුණු පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමටත්, මේ සඳහාම වූ විකල්ප මහජන අධිකරණයක් ගොඩනැගීමටත්, සාධාරණ සමාජයක් සඳහා වූ නීතිඥයෝ සංවිධානය, සූදානම් වෙයි.
එහි නියෝජිත නීතිඥ ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ, විකල්ප මහජන අධිකරණය තුළදී මහජන අදහස් සාකච්ඡාවට බඳුන් කර නෛතික ලියවිල්ලක් සකස්කරන බවයි. විශේෂයෙන් 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යාස්ථාවේ සඳහන් නෛතික රාමුව තුළ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වර තරග කිරීමට අවස්ථාවක් නොමැති බවත්, මේ පිළිබඳව සමාජයේ පවතින දැනුම්වත්භාවය ප්‍රමාණවත් නොවන බැවින් සම්මන්ත්රණ මාලාව අරඹන බව ලක්තිල මහතා පැවසීය.
කොළඹ වෘත්තිකයන්ගේ ශ්‍රවණාගාරයේදී මේ මස 29 වැනිදා ප්‍රථම සම්මන්ත්‍රණය අරඹන බවත්, ලබන මාස පළමු සතියේදී කොළඹදී පා ගමනක් සංවිධානය කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
විධායක ජනපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ගොඩනැගීමට මෙම කටයුතු සිදුකරන බවත් පැවසූ ඒ මහතා, පවතින ක්‍රමය යටතේ රහතන් වහන්සේ නමකට බලය ලැබුණද ඉන් ජනතාවට බලපෑම් ඇතිවන බැවින් විධායක ජනාපති ක්‍රමය අහෝසි කිරීම අනවශ්‍ය බව පෙන්වා දුන්නේය.