රටේ අගමැතිවරයා කවුරුන් වුවත් තමන්ට ප්‍රශ්නයක් නොමැති බවත් රටෙත් ආණ්ඩුවේත් නායකයා වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ගන්නා දේශපාලන තීරණය ගැන සියල්ලෝම අවධානයෙන් බලා සිටින බවත් පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ පුජ්‍ය අතුරළියේ රතන හිමියෝ පැවසුහ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඔහුගේ පැරණි සගයන් සමග නම් එම සන්ධානයත් සමග සන්ධාන ගත වීමට තමන්ට නොහැකි බවද උන්වහන්සේ පැවසුයේ අද (30) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී