පසුගිය ආණ්ඩුවේ සිටි දූෂිතම පුද්ගලයාට නාමයෝජනා ලබාදෙන බවට ගත් තීන්දුව වෙනස් කරගැනීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ජනාධිපතිවරයාට ලැබේවා යැයි සියලු දෙනා ප්‍රාර්ථනා කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
දූෂිතයන්, මංකොල්ලකරුවන් බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කළ නිසා රට තුළ යහපාලනයක් ඇති කරගැනීමට පසුගිය කාලයේ නොහැකි වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
මේ නිසා ඉදිරි පාර්ලිමේන්තුව පිරිසුදු පුද්ගලයන් ඇතුළත්ව සිටින තැනක් බවට පත්කිරීමට කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බවද ඔහු පවසා සිටියේය.
එහෙත් අද වනවිට පසුගිය ආණ්ඩුවේ සිටි දූෂිතම පුද්ගලයාට නාමයෝජනා ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරන බව දැනගන්නට ලැබෙන බවත්, මෙම තීරණය වෙනස් විය යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
ඉදිරි දින කිහිපය තුළ මෙම තීරණය වෙනස් වන්නට ජනාධිපතිවරයාට ශක්තිය ධෛර්ය ලැබේවා යැයි සියලු දෙනාම මේ වනවිට ප්‍රාර්ථනා කරන බවද ඒ මහතා සඳහන් කළේය.