ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු නොකළහොත් ඔහුගේ ජීවිතය හතරවැනි වරටද අවදානමට ලක්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අනතුරු අඟවයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අද (19දා) අමරසිංහ මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ ජීවිතය සම්බන්ධයෙන් තවමත් අනතුරක් පවතින බවයි.
ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයාට සිහිපත් කළ බව පැවසූ අමරසිංහ මහතා තමන් කී කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද තමන් හා එකඟ වූ බව ප්‍රකාශ කළේය.