ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපකාර ලබාදීමට දකුණු අප්‍රිකාව එකඟ වී තිබේ. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය නායකත්ව සමුළුවේදී ශ්‍රී ලංකා ජනපතිවරයා දකුණු අප්‍රිකානු ජනපතිවරයාගෙන් කරනු ලැබූ ඉල්ලීම අනුව මෙම සහාය ලැබෙන බව දකුණු අප්‍රිකානු විශේෂ සාම නියෝජිත මෙන්ම එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ උප සභාපති සිරිල් රාමපෝසා සඳහන් කරයි.
“ ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් මේ ආකාරයේ සහයෝගයක් දැක්වීම සඳහා අපිව තෝරාගැනීම අපට ගෞරවයක්. අපිට තියෙනවා හොඳ කතාවක් ඔවුන්ට කියන්න. එය ශ්‍රී ලංකා ජාතිකයන් දකීවි. ” යැයි හෙතෙම සඳහන් කරයි.
එසේම ඉතාමත් කෙටි කාලයකින් දකුණු අප්‍රිකානු විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් බවත් රාමපෝසා මහතා වැඩිදුරටත් පවසයි.