ජනපති මෛත්රීපාල සිරිසේන මහතා 2017 වසරේදී ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වෙනු ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
ඉන්දුනීසියාවේ සංචාරක නිරත අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (03දා) පෙරවරුවේදී ජකර්තා නුවර මර්ඩෙකා මන්දිරයේ එරට ජනපති ජෝකෝ විදෝදෝ මහතා හා පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී අග්රාමාත්යවරයා මෙම කරුණු හෙළි කළේය.
පසුගියදා පැවැති ජී7 සමුළුවේදී තමන් ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට ඉන්දුනීසියාවේ සංචාරයකට එක්වෙන බවට සඳහන් කළ බව ඉන්දුනීසියා ජනපතිවරයා පැවැසූ අවස්ථාවේදී එයට පිළිතුරු දෙමින් අග්රාමත්යවරය ඉහත අදහස් දැක්වීය.
එසේම දියුණු මට්ටමක පවතින ඉන්දුනීයාවේ දුම්රිය සේවාව මෙන් ශ්රී ලංකාවේ දුම්රිය සේවාවා ඉහළ නැංවීමට ගත හැකි පියවරද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.