එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිය ශ්‍රී ලංකා වේලාවෙන්ඊයේ (20දා) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ දී ඉ ආරම්භ කෙරිණි. එක්සත් ජාතින්ගේ මහලේකම් බැන් කී මුන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු සමුථව සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුථ රටවල් 193 ක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් එක්ව සිටිති.මෙවර මහා මණ්ඩල සැසිය ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමාගේ හා මහ ලේකම් බැංකි මූන්ගේ අවසන් මහා මණ්ඩල සැසිය වෙයි.
මහා මණ්ඩල සැසියට සමගාමීව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය නායකයින් මෙන්න රාජ්‍ය ත්‍රාන්ත්‍රික නියෝජිතයන් අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා කිහිපයක්ද ඊයේ (20දා) පැවැත්වීය.
ඇමරිකාවේ රාජ්‍ය නියෝජිතායතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිළධාරිනි ඩැනා ජේ හයිඩ් මහත්මිය ඇතුළු එහි නියෝජිත පිරිසක් අතර හමුවක් ඊය පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්විණි. තිරසාර සංවර්ධන අරමුණු ජය ගැනීමේ විශේෂ ව්‍යාපෘති සදහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය ඉදිරිපත්වී සිටින අතර ඒ පිළිබඳව සිය විශේෂ ස්තූතිය එම ආයතනයට ජනපතිවරයා පළ කළේය.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බූල් මහතා හා ජනපතිවරයා අතර හමුවක් ඊයේ පස්වරුවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්විණි. මෙහිදී ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.
ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය එම්.ජේ අක්බාර් මහතා හා ජනපතිවරයා අතර හමුවද ඊයේ (20) පස්වරුවේ නිව්යෝර්ක් නුවරදීම පැවැත්විණි.