ජනපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා එක්වන ලෙසට තමන්ට කිසිම ආකාරයකින් ජනපතිවරයාගෙන් ආරාධනාවක් නොලැබුණ බව කුමාර් සංගක්කාර සිය ෆේස් බුක් ගණුමෙන් නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එසේම ජනපතිවරයාගේ ඡන්ද සටනට එක්වෙන ලෙසට තමන්ට මූල්‍යමය ආරාධානායක් ජනපතිවරයාගෙන් ලබුණ බවට වාර්තා වන තොරතුරු වල කිසිඳු සත්‍යතාවක් නැති බවත් එම තොරතුරු වලින් තමන් පුදුමයට මෙන්ම කණගාටුවට පත්වූ බවත් සංගා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එසේම එම තොරතුරු සිය කීර්තිනාමයට හානි කරන අයුරින් සමාජ මාධ්‍ය විසින් ප්‍රචාරය කරන අසත්‍ය තොරතුරු බවත් සංගා සඳහන් කරයි.
එසේම අදාළ තොරතුරු බැහර කරන ලෙසත් සංගා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
"ජනපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධවන ලෙසට මට මූල්‍යමය ආරාධනා ලැබූ බවට වාර්තා වන තොරතුරු පිළිබඳව මම පුදුමයටත් කනගාටුවටත් පත්වෙනවා. මම තහවුරු කරනවා ජනපතිගේ ඡන්ද ව්‍යාපාරයට එක්වෙන ලෙසට ජනපතිවරයා මට ආරාධනා නොකළ බවට. ජනපතිවරයාගේ ඡන්ද සටනට එක්වෙන ලෙසට මට ආරාධනා කළ බවත් ඒ වෙනුවෙන් මට මූල්‍යමය වාසි ලබාදෙන බවට පැවැසූ බවට සමජමාධ්යවලින් වාර්තා වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍යයි. මේවා මගේ කීර්තිනාමයට හානි කරන අයුරින් ද්වේශ සහගතව නකුත් කළ ප්‍රකාශ. මම හැමකෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනවා ඒවා බැහැර කරන ලෙසට" යැයි සංගා සිය නිවේදනයෙන් පවසයි.