වංචාව, දූෂණය, නාස්තිය, අක්රමිකතාව හේතුවෙන් සමාජ දේහයම රෝගී වී ඇති බවත්, එය සුව කිරීම ක්ෂණිකව කළ නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් සමග අද (30දා) පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම පසුගිය වසර 10 ක කාලය තුළ වංචාව, දූෂණය නාස්තිය ඉහළ සිට පහළට ගොස් ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම තමා ජනාධිපති ලෙස හොරකම් කරන්නේ නම් ජනාධිපති ලේකම් දන්නා බවත්, ඒ අයුරින්ම අමාත්‍යවරයෙකු හොරකම් කරන්නේ නම් අමාත්‍යාංශ ලේකම්වරයා දන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
“රාජ්‍ය පාලනයක පාරිශුද්ධභාවය පහසු කාරණයක් නොවේ. දූෂණය, වංචාව, නාස්තිය, අකාර්යක්ෂමතාව, පසුබෑම රටක් ඉදිරියට යන්න සුදුසු නෑ. නමුත් ගෙවීගිය වසර 10ගත්තොත් දූෂණය, වංචාව නාස්තිය ඉහළ සිට පහළටම ගිය තත්ත්වයක් ලෙස අපි දකින්නේ.
රටක පාලකයන් ආදර්ශය, ක්රියාත්මකභාවය, පිළිවෙත් තමයි රාජ්‍ය පාලනයේ පහළට ගලා යන්නේ. රාජ්‍ය නිලධාරියා ආදර්ශයට ගන්නේ පාලකයන්ගේ ක්‍රියාකලාපය. අපට නොගැළපෙන බොහෝ දේවල් සමාජයට ගලා ගියා. එය නිවැරදි කිරීම පහසු කරුණක් නොවේ.
ආණ්ඩුවක් ලෙස කරගෙන යන විට දිගටම පැමිණි වංචා, දූෂණ අක්‍රමිකතා නිවැරදි කිරීම පැයකින්, දෙකකින් දවසකින් කරන්න බෑ. මුළු සමාජ දේහයම අපවිත්‍ර වෙලා තිබෙන්නේ. එය පිරිසුදු කිරීම පහසු කරුණක් නොවේ. සමාජ දේහයම රෝගී වෙලා තිබෙන්නේ.එයින් ගොඩගැනීම පහසු කරුණක් නොමෙයි. ඡන්දෙ දුන්න අය මේ දේ කරන්න බැරිද අහනවා. ඒ කියන දේවල් කෂ්ණිකව පරිවර්තනය කළ නොහැකි වී තිබෙන්නේ සමාජයේ විෂම තත්ත්වයන් එක්ක වංචාව, දූෂණය, හොරකම,නාස්තිය සමාජයට කාවැදිලා තියෙන නිසයි.
මට ජනාධිපති විදිහට හොරකම් කරන්න බෑ ජනාධිපති ලේකම් දන්නේ නැතිව. ජනාධිපති ලේකම් දන්නවා. ඇමති හොරකම් කරනවානම් අමාත්‍යාංශ ලේකම් දන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය තුළ රටට දෙන පණිවුඩය තමයි පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා රටේ සියලු දෙනාගේම තිබිය යුතු පුළුල් දේශපානන ව්‍යාපාරක අවශ්‍යතාව.”