ජනපති හා කටාර් අගමැති හමුව දෝහා නුවරදී
ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති ක්ෂේත්රවල පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටාර් රාජ්‍ය‘යේ අග්‍රාමාත්‍ය අබ්දුල්ලා බීන් නසර් කලීෆා අත්තානි මහතා දැනුවත් කරන ලදී.
ඔහු විසින් මෙම දැනුවත් කිරීම සිදුකරන ලද්දේ අද (26දා) පෙරවරුවේ ජනාධිපතිවරයා හා එරට අග්‍රමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික නිල හමුව සිදුවූ අවස්ථාවේදීය.
එය ජනාධිපතිවරයා නවාතැන්ගෙන සිටි දෝහා නුවර හෝටලයකදී සිදුවී ඇත.
එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත්ව පවත්වාගෙන යාම පිළිබඳව නායකයන් දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
මෙම සංචාරය තුළදී අත්සන් තැබෙන බව අවබෝධතා ගිවිසුම් තුළින් දොරට අතර ආර්ථික, වෙළෙඳ මෙන්ම තාක්ෂණික දැනුමට අදාළ සහයෝගීතාවක් තවදුරටත් වර්ධනය වනු ඇතැයිද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
මෙහිදී ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පිළිබඳව කටාර්හි විවිධ ක්ෂේත්රවල වෘත්තීන්හි නිරතවන සිටින ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන සහයෝගය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම ස්තූතිය කටාර් අගමැතිවරයා වෙත පළ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


